අධිකරණ තීන්දු තීරණ සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කරමින් අධිකරණය පිළිබඳව වැරැදි මතයක් ජනතාව කෙරෙහි ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයන් සම්බන්ධව සොයා බලා ඔවුන්ට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාට උපදෙස් දී තිබේ.
පසුගිය රජය සමයේ සිදු කළ ආකාරයට වත්මන් රජය අධිකරණයේ කටයුතුවලට මැදිහත් නොවී ස්වාධීනත්වය රැකගෙන ජනතාවට සාධාරණය ඉෂ්ට කිරීමට පසුබිම සකසා අතැයිද එසේ තිබියදී ඇතැම් පාර්ශ්ව අධිකරණය අපහසුවට ලක්වන ආකාරයේ ප්‍රකාශ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බාධාවක් බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් සෑහීමට පත් නොවන කවර තරාතිරමක හෝ පුද්ගලයකුට එම තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට අයිතිය තිබියදී අධිකරණයට අපහාස වන අන්දමින් යම් ක්‍රියාමාර්ග ගැනීමට කවර හෝ පුද්ගලයකුට ඉඩදිය නොහැකි බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ.