අලුතින්ම ලෙඩ වූ සිරකරුවෝ ….

0
535

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් මේ වන විට රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද  (08) උදෑසන 11 ට පමණ ඔවුන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි ලක්ෂ 08ක් බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය මඟින් ඔවුන් දෙදෙනාට ඊයේ(07) දිනයේ දී වසර 3 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here