රට වෙනුවෙන් දෙවරක් සිතන්න.අජිත් ඉල්ලයි.

0
587

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් වැඩවර්ජනයේ නිරතවිමට පෙර ඔවුන්ගේ ගැටළු විසදිම සඳහා ලබාදි ඇති විසදුම් මාලාව අධ්‍යයනය කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමති අජිත් පි. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදි අද ඉල්ලා සිටියේය.

සේවකයන්ගේ ගැටළු විසදිම සඳහා වන විසදුම් මාලාව අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති බවත් වෘත්තීය සමිති නියෝජිතයින් වෙත මෙම විසදුම් මාලාව ලබාදි ඇති බවත් නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.

රට හමුවේ පවතින සියළු අපහසුතා තේරුම් ගෙන කටයුතු කරන ලෙස සමස්ථ විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටින බවද අජිත් පි. පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

සේවක වැටුප් විෂමතා, ශ්‍රේණිගත කිරිම් ආදිය පිළිබඳ විෂමතා ඇතුළු විෂමතාවන් ගණනාවක් පවතින නිසා සියළු දෙනාට සාධාරණය ඉටුවන ආකාරයෙන් විසදුම් ලබාදිම වෙනුවෙන් නව විසදුම් මාලාව ඉදිරිපත් කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

විදුලි බල මණ්ඩලයේ සේවකයින් ලබන 13 දා වැඩවර්ජනයක නිරතවීමට නියමිත බව තමන්ටද වාර්තා වී තිබෙන බව පැවසු නියෝජ්‍ය ඇමතිවරයා වර්ජනයට පෙර විසදුම් මාලාව බලන ලෙසද ඉල්ලා සිටියේය. විදුලිබල මණ්ඩලයේ කිසිදු සේවකයෙක් වැටුප් ප්‍රමාණවත් නැතැයි කියමින් මැසිවිලි නොනගන බවද ඔහු වැඩිදුරටත් කීවේය.

එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here