LED මිලියන 10ක්.මෙගා වොට් 220ක විදුලි ඉතිරියක්.

0
684

ජාතික ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති සංරක්ෂණ වැඩසටහන යටතේ මෙරට විදුලි
පාරිභෝගිකයන් අතර LEDවිදුලි බුබුළු මිලියන 10ක්  බෙදා හැරීමට අදාළ
ක්‍රියාමාර්ග ගැනීම පිලිබඳ සාකච්චාවේදී මෙම තීරණයන්ට එළඹිණි.

LEDවිදුලි බුබුළු ලබා දීමේදී විදුලි ඒකක 90ට අඩුවෙන් භාවිතා කරන විදුලි
පාරිභෝගිකයින් අතුරින්
ඒකක 1 – 30 දක්වා භාවිතා කරන අයට LED විදුලි බුබුළු 02ක්
ඒකක 31 – 60 දක්වා භාවිතා කරන අයට LED විදුලි බුබුළු 03ක්
ඒකක 61 – 90 දක්වා භාවිතා කරන අයට LED විදුලිබුබුළු 04ක්

බැගින් ලබාදීමට නියමිතය.

මේ සඳහා LED විදුලි බුබුළු මිලියන 10ක් අවශ්‍ය වන බවට හඳුනා ගෙන ඇත.

ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති කළමණාකරණය පිලිබඳ මෙහෙයුම් කමිටුවේ සභාපති
විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගේ
ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

දවසේ ඉහළ විදුලි ඉල්ලුමක් සහිත සවස 6.30 – රාත්‍රී 10.30ත් අතර කාලය තුළ
මෙගා වොට් 340ක් පමණ විදුලි ආලෝකකරණය සඳහා අවශ්‍ය බැවින් මෙම ව්‍යාපෘතිය
තුළින් මෙගා වොට් 220ක් පමණ විදුලිබලය ඉතිරි කරගැනීමේ හැකියාව පවතින බවට
අනාවරණය විය.

මෙම අවස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලය,ලංකා විදුලි පුද්ගලික සමාගම සහ
ශ්‍රීලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය නියෝජනය කරමින් ඉහළ පෙළේ නිලධාරීන්
පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here