රාජ්‍ය ආදායම රුපියල් කෝටි 1424 කින් පහත බසී.

0
687

මෙම වර්ෂයේ පළමු කාර්තුවේ රාජ්‍ය ආදායමට වඩා දෙවන කාර්තුවේ රාජ්‍ය ආදායම රුපියල් කෝටි 1424 කින් පහත බැස ඇතැයි 2017 වර්ෂයේ අය වැයෙහි අර්ධ වාර්ෂික මුල්‍ය කාර්ය සාධන වාර්තාවේ දැක්වේ.

2017 වර්ෂයේ පළමු කාර්තුවේ රාජ්‍ය ආදායම රුපියල් කෝටි 44525 ක් වන අතර දෙවන කාර්තුවේ රජයේ ආදායම රුපියල් කෝටි 43101 ක් දක්වා පහත බැස තිබෙන බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එම වාර්තාවේ තවදුරටත් සඳහන්වේ.

එසේම අමාත්‍යාංශ 51 ක් සඳහා 2017 වර්ෂය වෙනුවෙන් ලබා දුන් මුළු ප්‍රතිපාදනයන්ගෙන් 67.8% ක මුදලක් වැය කර ඇත්තේ ණය ගෙවිම වෙනුවෙන් බවද අර්ධ වාර්ෂික මුල්‍ය වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

එම අමාත්‍යාශ සඳහා වෙන් කළ ප්‍රතිපාදනයන්ගෙන් 49.4% ක ප්‍රමාණයක් වියදම් කර නැති බවද කාර්ය සාධන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

අමාත්‍යාංශය සඳහා වෙන් කළ මුළු ප්‍රතිපාදනයන්ගෙන් දෙවන කාර්තුවේදි වැඩිම මුදල් ප්‍රමාණයක් වියදම් කර ඇත්තේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වන අතර එය 70.4% කි.

2017 වර්ෂයේ දෙවන කාර්තුව වෙනුවෙන් වෙන් කළ මුදල් අතරින් අඩුම මුදලක් වියදම් කර ඇත්තේ ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය හා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයය.

එය එම අමාත්‍යාංශයන් වෙනුවෙන් වෙන් කළ මුළු ප්‍රතිපාදනයෙන් 33.3 % ක් හා 3.9% ක් වශයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here