මේ දිනවල මහත් ආන්දෝලනයකට ලක්ව සිටින අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා හදිසියේ ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.
එහිදී තමා සිදුකළ සියලු ප්රකාශයන්ට සමාව ඉල්ලා ඇතැයි සඳහන්.ඔහු ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කර පවසා ඇත්තේ තමා ඉවත් නොකරන ලෙසත්,ඉල්ලා අස්වීමට යම් කාලයක් ලබා දෙන ලෙසයි.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අදහස් හුවමාරු කරගෙන හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙසයි.
ඒ මොහොතේම විජේදාස රාජපක්ෂ මහතා දුරකථනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සම්බන්ධ වී තමාට සමාව ලබාදෙන ලෙසත්,ඉල්ලා අස්වීමට යම් කාලයක් ලබා දෙන ලෙසත් ඉල්ලා ඇතැයි වාර්තා වේ.මේ අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත්තේ දැන් ප්‍රමාද වැඩි බවත්,සියල්ල සිදුවී අවසන් බැවින් ඉල්ලා අස්වීමට අවස්ථාවක් ලබාදීමට හැකිවන බවයි.