ෆයිසර්ටත් විශ්වාසභංගයක්…

0
663

විශ්වාසභංග යෝජනාවක පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතාට එරෙහිව ගෙන ඒමට තමන්ට සිදුවන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

ඌව පළාත් සභාව සම්බන්ධයෙන් තමා විමසන ප්‍රශ්නවලට සැමදාම පිළිතුරු ලබා දෙන්නේ මන්දගාමි ස්වරූපයෙන් නිසා ෆයිසර් මුස්තාපා ඇමතිවරයා පිළිබඳ විශ්වාසය කඩව ඇතැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. එම නිසා මෙලෙස විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තමාට සිදුවන්නේයැයිද හෙතෙම සඳහන් කළේය.

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසන අවස්ථාවේදි පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතා සභාවේ නොසිටිම නිසා ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඊට පිළිතුරු දුන් අවස්ථාවේදි මන්ත්‍රීවරයා මේ බව කීවේය.

තමන් දිගින් දිගටම විෂයභාර ඇමතිවරයාගෙන් පළාත් සභා කටයුතු හා මහ ඇමතිවරයාගේ කටයුතු සම්බන්ධයෙන් වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න යොමු කළත් ඒවා වෙනුවෙන් පිළිතුරු ලැබෙන්නේ ඉතා අඩුවෙන් බවද මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.

එබැවින් තමන් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට අපේක්ෂා කරන බවත් ඊට අනෙකුත් මන්ත්‍රීවරුන්ගේද සහාය ලැබේ යැයි විශ්වාස කරන බවත් ඒ මහතා කීවේය.

කතානායක කරු ජයසූරිය මහතා මෙහිදි සඳහා කළේ මන්ත්‍රීවරයා විමසන ප්‍රශ්න සඳහා විෂයභාර ඇමතිවරයා පිළිතුරු ලබා නොදිම සම්බන්ධයෙන් අවධානය යොමු කර කටයුතු කරන ලෙස ආණ්ඩු පක්ෂ සංවිධායකවරයාට උපදෙස් දෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here