සමෘද්ධි කප්පාදුවට එක්සත් ජාතික පක්ෂය විරුද්ධයි.

0
570

සමෘද්ධිය කපා හැරිම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ මතු කළ ප්‍රශ්නට පිළිතුරු ලබාදිමට විෂය භාර ඇමතිවරයා නොසිටිම නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කළු පටි බැද, සටන් පාඨ ඇතුළත් පොස්ටර් ප්‍රදර්ශනය කරමින් පාර්ලිමේන්තුවේදි අද විරෝධතාවයක නිරත විය.
සමෘද්ධි ලාභින්ගේ සහනාධාර කපා හැරිම ගැන සඳහන් පුවරු ප්‍රදර්ශනය කළ අතර මන්ත්‍රීවරු කළු පටි පැළැද කෑ කෝ ගැසිම නිසා විනාඩි කිහිපයකට සභාවේ කටයුතු කල් තැබිමට කතානායක කරු ජයසූරිය මහතාට සිදුවිය.

වත්මන් ආණ්ඩුව දුගී දුප්පත් ජනතාවගේ සමෘද්ධි සහනාධාරය කප්පාදු කිරිම, අඩු කිරිම, බරපතල ප්‍රශ්නයක් බැවින් එය නවතා දැමිය යුතු බවත් මෙම ගැටළුවට පිළිතුරක් විෂයභාර ඇමතිවරයාගෙන් අවශ්‍ය බවත් ගුණවර්ධන මහතා සිය ප්‍රකාශය කරමින් කීවේය.

අහිංසක දුප්පත් ජනතාවගේ සමෘද්ධි ප්‍රතිලාභය කප්පාදු කිරිමට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ බව ප්‍රකාශ කළ විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති අජිත් පි. පෙරේරා මහතා එය කිසිසේත් අනුමත නොකරන බවද සඳහන් කළේය.

දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රශ්නයට ඉදිරි දිනකදි ඇමතිවරයා පිළිතුරු ලබා දෙන බව සඳහන් කළ අවස්ථාවේ නැගි සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙලෙස කෑ කෝ ගසමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් කෑ කෝ ගසන්නට වූහ. මෙහිදි ගයන්ත කරුණාතිලක මහතා කීවේ පසුගිය වසර විස්සක කාලය තුළ එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ සමෘද්ධි ප්‍රතිලාභය කපා දැමු බවයි.

සෙමෘද්ධි ප්‍රතිලභින්ගේ විශ්‍රාම වැටුපට අත නොතබනු සහනාධාර කප්පාදු නොකරනු යනාදි පුවරු ප්‍රදර්ශනය කරමින් දිගින් දිගටම කෑ කෝ ගසන්නට වූහ.

මෙහිදි නැගි සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල ආසන සංවිධායකවරුන්ගේ හා මන්ත්‍රිවරුන්ගේ ලිපි මත සමෘද්ධිය කප්පාදු කරමින් සිටින බැවින් එය නැවැත්විය යුතු බවයි.

කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ මන්ත්‍රීවරු මෙලෙස හැසිරිමෙන් නාස්ති වෙන්නේ මහජන මුදල් බැවින් මේ ගැන විෂයභාර ඇමතිවරයා සමඟ සාකච්ඡ කොට පිළිතුරක් ලබාදිමට තමන් මැදිහත් වන බැවින් සන්සුන් වන ලෙසයි. නමුත් මන්ත්‍රීවරු දිගින් දිගටම කෑ කෝ ගසන්නට වීම නිසා සභාව කල් තැබු කතානායකවරයා පක්ෂ නායක රැස්විමක් සඳහා සභාව කල් තැබීය.

විනාඩි 20 කින් පසු යළි සභාව රැස්වූ අවස්ථාවේදි ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා කීවේ විෂයභාර ඇමතිවරයා හෙට දිනයේදි අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here