පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් මා කණගාටුව ප්‍රකාශ කරමි.

0
882

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු වන රයන් ජයලත් ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනිමට කරන ලද මෙහෙයුමේ අඩුපාඩු පවතින බැවින් පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් තමා රටේ සියළුම පුරවැසියන්ට කණගාටුව ප්‍රකාශ කරන බව නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ නැගු ප්‍රශ්නයකට අමාත්‍යාංශ ප්‍රකාශයක් කරමින් ඇමතිවරයා මෙසේද කීය.

2017.06.21 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වී රජයේ දේපලවලට අනර්ථයන් සිදු කිරිමට අදාළව පොදු දේපල පනත යටතේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී.16250/17 දරණ නඩුවට අත්අඩංගුවට ගැනිමට අවශ්‍ය සැකකරුවෙකු ලෙස හා කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී.304916 දරණ නඩුවට පෙනි නොසිටිම හේතුවෙන් වරෙන්තු නිකුත් වී ඇති සැකකරුවෙක් ලෙස වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු රජයන් ජයලත් ශිෂ්‍යයා අත්අඩංගුවට යාමේදි යම් සිද්ධියක් වී ඇත.

කොළඹ අපරාධ කොට්ඨාශ නිළධාරින් විසින් මෙම වරෙන්තුකරු හෙවත්, අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සැකකරු 2017.07.20 වන දින කුරුදුවත්ත පොලිස් වසමේ වෘත්තිකයන්ගේ සංගම් ගොඩනැගිල්ල තුළ සිටින බවට ලද තොරතුරක් අනුව මොහු අත්අඩංගුවට ගැනිමට එම කොට්ඨාශයේ නිලධාරින් මෙහෙයුමක් කර ඇත. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා පොලිස් නිලධාරින් පමණක් සහභාගී වී ඇති අතර නිලධාරින් ප්‍රවාහනය හා මෙහෙයුම් සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත වාහන පමණක් භාවිතා කර ඇත.

මෙහෙයුම සඳහා නිල ඇදුම් ඇද ගත් නිලධාරින් 4 දෙනෙකු හා සිවිල් ඇදුමින් යුතු නිලධාරින් 9 ක් සහභාගී වි ඇති අතර රියදුරන් නිල ඇදුමින් සිට තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් 2017.07.20 වන දින මෙම සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා සිදු කරන ලද මෙහෙයුම හා එම ක්‍රමවේදය සම්බන්ධව අඩුපාඩු ඇති බවට මට නිරික්ෂණය වෙනවා.
පොලිස් දෙපාර්තමේන්තුව මෙලෙස මෙම සැකකරු අත්අඩංගුවට ගැනිමට ක්‍රියාකිරිමේදි ඊට සහභාගි වූ නිලධාරින්ගේ යම් අඩුපාඩු සිදුවී ඇද්දැයි පරික්ෂා කර වාර්තාවක් සපයන ලෙස පොලිස්පතිට මේ වන විට නියෝග කර ඇත.

මෙවැනි මහජනතාවගේ සහ ජාත්‍යන්තරයේ දැඩි අවධානය සඳහා භාජනය විය හැකි ක්‍රියාදාමයන් සිදු කිරිමේදි කොළඹ අපරාධ කොට්ඨාශය භාර අධ්‍යක්ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ශ්‍රී ලංකාවේ නීති රාමුව තුළ රැදී සිටිමින් කණිෂ්ඨ නිලධාරින් වෙත නිසි උපදෙස් ලබා දී, කළ යුතු රාජකාරිය පිළිබඳව නිවැරදිව දැනුවත් කිරිමක් සිදු කර නිලධාරින් මෙහෙයවීමට අපොහොසත් වීමක් හෝ ජ්‍යෙෂ්ඨ නිලධාරින් යම් රාජකාරි අතපසුවිමක් කර ඇද්දැයි පරික්ෂා කිරිමට පොලිස්පතිට උපදෙස් දුනිමි.

එමෙන්ම නිසි සැලසුමකින් හා නිසි ක්‍රියා පටිපාටියක් අනුගමනය කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට යාම සම්බන්ධව ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව සෑම පොලිස් නිලධාරියෙකු දැනුවත් කරමින් පොලිස්පති විසින් උපදෙස් චක්‍රලේඛණයක් මේ වනවිට නිකුත් කිරිමට දැනුවත් කර ඇත.

අවසන් වශයෙන් මෙම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු වන රයන් ජයලත් යන ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනිමට යාම හේතුකොට ගෙන ජනාධිපතිතුමාට හා අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයට මෙන්ම පුරවැසියන්ට පොලිස් දෙපාර්තමේන්තුව මගින් යම් අපහසුතාවයක් විම සම්බන්ධයෙන් මා කණගාටුව ප්‍රකාශ කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here