නාකොටික් සහ සංවිධානාත්මක අපරාධ මර්ධන කාර්යාංශය එක් ඒකකයක් වෙයි.

0
1124

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (නාකොටික්) සහ සංවිධානාත්මක අපරාධ මර්ධන කාර්යාංශය එක් ඒකකයක් බවට පත් කොට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ ප්‍රතිව්‍යූහගත කරන බව නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

දැනට වෙන් වෙන් වශයෙන් කාර්යාංශ දෙකක් ලෙස ක්‍රියාත්මක වන මෙම ආයතන දෙක එක් ඒකකයක් ලෙස ප්‍රතිව්‍යූහගත කිරිම පිළිබඳව බ්‍රහස්පතින්දා (හෙට) පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යොමු කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා සතොස විසින් ආනයනය කළ සිනි කන්ටේනරයක් තුළ කොකේන් හමුවිම පිළිබඳව ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාගල රත්නායක මහතා මේ බව කීවේය.

සිනි කන්ටේනරයක් තුළ කොකේන් ගෙන්විමේ සිද්ධියට රජය සම්බන්ධ බවට විමර්ශනවලදි අනාවරණය වී නැතැයි ද නාවික හමුදාව, ශ්‍රී ලංකා රේගුව සමඟ එක්ව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෑත ඉතිහාසයේදි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනිම සඳහා විශාල වැටලීම් සංඛ්‍යාවක් කර අතැයිද ඇමතිවරයා සඳහන් කළේය.

සීනි බහාලූම් තුළ මත්ද්‍රව්‍ය ගෙන ඒම රජයට ගැටළුවක්ව ඇතැයි පැවසු ඇමතිවරයා සිනි බහාලූම් විශාල සංඛ්‍යාවක් පැමිණෙන බැවින් ඒවා සියල්ල රේගුවේ පරික්ෂණ කිරිමට කල්ගත වන බවද කීවේය.

එසේ වුවහොත් වෙළෙද පොලට සීනි නිකුත්විමේ ප්‍රමාදයක් ඇතිවන බවත් එමගින් සිනි හිඟයක් රටතුළ මතුවිය හැකි බවත් ඇමතිවරයා සඳහන් කළේය.

නවතම උපකරණ මේ සඳහා යොදා ගැනීමට කටයුතු කරනා බවද ඇමති සාගල රත්නායක මහතා වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here