ජනපති බංග්ලාදේශයට පා තබයි.

0
552

බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරටට ළඟා වී තිබේ.

අද උදෑසන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට බංග්ලාදේශයේ ඩකා ගුවන්තොටුපොළ බලා පිටත්ව ගියේය.

එහිදී ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මහත් හරසරින් පිළිගැණුනු බව සඳහන්.

බංග්ලාදේශ අගමැතිනී ෂික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරත වෙයි.

සංචාරය අතරතුර ජනාධිපතිවරයා බංග්ලාදේශ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය, එරට අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ මෙන්ම විපක්ෂ නායිකාව සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ බංග්ලදේශ රාජ්‍ය සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න සහ නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන් එක්ව සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here