
බලහත්කාරයෙන් අතුරුදහන් කිරිම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරිම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත විවාදය සඳහා ඉදිරිපත් නොකරන බව ආණ්ඩුව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදි ඊයේ දිනයේ විවාදයට ගැනිමට දින නියම කර තිබු අතර කතානායක කරු ජයසුරිය මහතා එම පනත් කෙටුම්පත විවාදයට ගන්නේදැයි විමසා සිටියේය. එහිදි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ එය ඉදිරිපත් නොකරන බවයි.
බලහත්කාරයෙන් අතුරුදහන් කිරිම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරිම් සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත වෙනුවට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ වැටුප් හා දිමනා ප්‍රතිශෝධනය කිරිමේ යෝජනාව විවාදයට ගන්නා බවද සභානායකවරයා කීවේය.
මෙහිදි විපක්ෂයෙන් ප්‍රශ්න කරනු ලැබුවේ එම පනත ගන්නේ නැත්තේ මන්ද යන්නයි. ඊට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අවස්ථාවේ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ වැටුප් වැඩිවිම පිළිබඳ යෝජනාව දිගටම විවාද කළ යුතු බවට තින්දුවක් ගත් බවයි.