මුස්ලිම් පක්ෂ සන්ධානයක්.

0
905

මෙරට මුස්ලිම් ප්‍රජාව එක්සත් කිරීමේ අරමුණින් ඉදිරි පළාත් පාලන මැතිවරණය ඇතුළු සියලු මැතිවරණ සඳහා තරග කිරීමට සියලුම මුස්ලිම් දේශපාලන පක්ෂවල එකතුවෙන් දේශපාලන සන්ධානයක් ගොඩනැඟීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලී මහතා සඳහන් කළේ ඒ සඳහා වන සාකච්ඡා මේ වනවිට ආරම්භ කොට ඇති බවත් විශේෂයෙන් මෙරට මුස්ලිම් ප්‍රජාවට සිදුවන ගැටලුවලට සාමූහිකව මුහුණදීමේ අරමුණින් මේ සන්ධානය ගොඩනඟන බවත්ය.

උතුරේ දෙමළ ජනතාව සිය ගැටලුවලට නොබියව මුහුණදෙන්නේ ඔවුන්ගේ එකමුතුකම නිසා බව පෙන්වා දුන් හසන් අලී මහතා මේ වනවිට මෙරට මුස්ලිම් ප්‍රජාවගේ එවැන්නක් දකින්න නොලැබෙන බවද පෙන්වා දුන්නේය.

මෙවැනි සන්ධානයක් ගොඩනැඟිය යුතු බවට මුස්ලිම් උගතුන් විසින් මුස්ලිම් පක්ෂවලට දැඩි විවේචනයක් එල්ල කරමින් සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මුස්ලිම් පක්ෂවලට මෙපමණ කලක් සිදුවූයේ මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ බලයට පත්කිරීමට කශේරුවක් වී පසුව දැහැටි දණ්ඩක් ලෙස විසිවී යෑම බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here