ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අරලියගහ මන්දිරයේදී.

0
511

ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

එම රැස්වීම අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.

රජයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හා එළැඹෙන සතියේ පාර්ලිමේන්තු සැසිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අත්සන් කෙරුණු ජාතික ආණ්ඩු ගිවිසුම පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙනුත් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here