කොළඹ ඩීන්ස් පරේ සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදි එහි මහල් 4 ක් අල්ලා ගන්නා තෙක් පොලිසිය කළේ කුමක්දැයි වහාම වාර්තා කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දුන්නේ විශ්ව විද්‍යාල සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වී එහි දේපලවලට හානි කරනා තුරු පොලිසිය කිසිවක් කර නැතැයි අමාත්‍යවරු පිරිසක් පාර්ලිමේන්තු සංකිර්ණයේදි අගමැතිවරයා හමුවි කළ කරුණු දැක්විමෙන් පසුවය.
සෞඛ්‍ය අමාත්‍යාංශයට විශ්ව විද්‍යාල සිසුන් කඩා පැන රාජ්‍ය දේපලවලට කල අලාභය ගැන ඉදිරි දින දෙක ඇතුළත සම්පූර්ණ වාර්තාවක් ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයට බාරදිමට නියමිතය.
අමාත්‍යාංශයට අයත් රාජ්‍ය දේපල හා වාහනවලට කරණු ලැබු සම්පූර්ණ හානිය අදාළ වාර්තාවට ඇතුළත් කරන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ බලධාරින්ට දැනුම් දී තිබේ.