පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත යටතේ ඇති කළ මැතිවරණ කොට්ඨාශ 8000 ක සංඛ්‍යාව 4000 දක්වා අඩු කොට පළාත් පාලන මැතිවරණය පැවැත්විමට ජනාධිපති හා අගමැති ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්විමේදි තිරණය කළ බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණය මේ වසර තුළදි පැවැත්විමට එහිදි තිරණය කළ බවද ඇමතිවරයා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා නැගි ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය. පළාත් පාලන ඡන්ද විමසිම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ නැගි සිටි මන්ත්‍රීවරයා පළාත් පාලන ඡන්ද විමසිම් පනත් ගෙනාවත් ඡන්දය පවත්වන්නේ නැතැයි ප්‍රකාශ කළේය.
ආණ්ඩුව දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල් දැමිමෙන් පලාතේ කටයුතු කඩා වැටි තිබෙන බවද ඒ මහතා කිවේය.
එහිදි නැගි සිටි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පළාත් පාලන මැතිවරණය මේ වසරේදි පැවැත්විමට ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්විමේදි තිරණය වූ බව කීවේය.
ජනාධිපතිවරයාත් අගැමතිවරයාත් ඊට එකඟ වූ බව පැවසු ඇමතිවරයා මේ අනුව මැතිවරණ කොට්ඨාශ 8000 ක ප්‍රමාණය 4000 දක්වා අඩු කිරිමට තිරණය කළ බවද කීවේය.