උඩුකය අඩක් නිරාවරණය වූ ඇදුමකින් සැරසි පාර්ලිමේන්තු මහජන ගැලරියට ඇතුළුවීමට පැමිණි විදේශිය කාන්තාවකට මහජන ගැලරියට ඇතුළුවිමට එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරින් ඉඩ දුන්නේ නැත.
පසුව මෙම කාන්තාව පහත මාලයට කැඳවාගෙන ගිය පොලිස් නිලධාරිනියන් මඳ වේලාවකට පසු උඩුකය ආවරණය වන සේ සළුවක් පොරවා ගැලරියට ඇතුළු කරන ආකාරය දක්නට ලැබුනි.
සිය ශ්‍රී ලාංකික සැමියා සහ දරුවා සමඟ පාර්ලිමේන්තු රැස්විම නැරබීම සඳහා මෙම විදේශිය කාන්තාව පැමිණ ඇති බව වාර්තාවේ.
එම සිද්ධිය වන විට අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවිම, පරිපාලනය කිරිම සහ කර්තව්‍ය ඉටු කිරිමට අදාළ පනත් කෙටුම්පත විවාදයට ගැනෙමින් තිබුනි.