කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉදි කිරීමේදී ධීවර ප්‍රජාවට කිසියම් බලපෑමක් එල්ල වන්නේද යන්න පිළිබඳ සොයා බැලීමට පත් කළ මෙහෙයුම් කමිටුව රැස්වී තිබේ.
ධීවර අමාත්‍යාංශයේදී අමාත්‍යාංශ ලේකම් මංගලිකා අධිකාරී මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස් වී ඇති බව සඳහන් වෙයි.
එම සාකච්ඡාවේදී වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය විසින් බස්නාහිර පළාතේ ධීවර ප්‍රජාවගේ ජිවනෝපාය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500ක මුදලක් ධීවර අමාත්‍යාංශයට ලබා දීම පිළිබඳව අවධානය යොමු වූ බව ධීවර අමාත්‍යාංශය සඳහන් කළේය.
අදාළ මුදලින් රුපියල් මිලියන 150ක් ධීවර සංවිධාන 54කට බෙදා දීමට පියවර ගෙන ඇති අතර සෙසු රුපියල් මිලියන 350ක මුදල ධීවර යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වැය කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත් නාරා ආයතනය මඟින් සාගර සම්පත් පිළිබඳ සිදුකර සමීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් ඔවුන් ලබා දෙන වාර්තා සැලකිල්ලට ගනිමින් කටයුතු කරන ලෙසත් ධීවර අමාත්‍යාංශ ලේකම් මංගලිකා අධිකාරී මහත්මිය මෙහෙයුම් කමිටුවේ සෙසු සාමාජිකයන්ට එහිදී දැනුම් දුන් බව ධීවර අමාත්‍යාංශය පවසයි.