ව්‍යාජ අංක සහිත වාහනයක් භාවිතා කිරීම සහ අනවසරෙන් චැසි අංක වෙනස් කළ වාහනයක් භාවිතා කිරීම යන චෝදනා යටතේ කම්කරු රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීරට සහ ඔහුගේ ලේකම්වරයෙකු යයි කියන එම්.ජී පාලිත නමැත්තාට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක් ගොනු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බොරැල්ල පොලීසියට නියෝග කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් අද මෙම නියෝගය කළ බව අධිකරණයෙන් වාර්තාවෙයි.
එම පැමිණිල්ල ලබන ජූලි 19 අධිකරණයෙ හමුවේ ගොනුකරන ලෙසත් , එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජ්‍ය අමාත්‍යවරයාට හා ඔහුගේ ලේකම් යයි කියන පුද්ගලයාට නියෝග කර ඇත.
2009 වසරේ දී ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වූ බොරැල්ල පොලීසිය විසින් එම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබුණු පැමිණිල්ල අද දිනයේ කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය කර තිබේ.