ඔලිම්පික් ක්‍රීඩිකාවකගෙන් රටට ලබා ගත හැකි සේවය හා ඔලිම්පික් පදක්කමක වටිනාකම තමන් විසින් මේවන විට තහවුරු කර ඇති බව ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි.
ඇය මේ බව පැවසූයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කෝටි 25කට පමණ මේවන විට ඔලිම්පික් පදක්කමට ඉල්ලුමක් පවත්නා බවත්, එහෙත් එය විකිණීම සඳහා කලබලයක් නොමැති බවත් ඇය පෙන්වා දුන්නාය.
තමාගේ ප්‍රකාශයෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාත්, රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාත් තමාට දුරකථනයෙන් කතා කොට ගැටළු සම්බන්ධයෙන් බොහෝ සාකච්ඡා කළ බවත්, රංජන් රාමනායක මහතා තමාට පුද්ගලිකව මුදල් පරිත්‍යාගයක්ද කළ බවත් ජයසිංහ මහත්මිය පෙන්වා දුන්නාය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ද ජනාධිපති ලේකම්වරයෙකු කතා කොට ගැටළුව සාකච්ඡා කළ බවත්, ඒ අනුව ඉදිරියේදී යම් සාධාරණයක් ඉටුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්, එකම ගැටළුව වූයේ තමා වෙත ගෙවනු ලැබු අහිංසක දීමනාව අත්හිටුවීම බවත් සුසන්තිකා ජයසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.