ළමා ශ්රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ.
මීට සමගාමීව කුඩා ළමුන් ශ්‍රමිකයින් ලෙස යොදා ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද පැවැත්විණි.
ඒ මාදිවෙල රාහුල විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින්ය.
මෙහිදී ළමා ශ්‍රමිකත්වය සම්බන්ධයෙන් වන පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා වූ 1929 ශ්‍රී ලංකා ළමා දුරකතන සේවය ප්‍රචලිත කිරීමේ වැඩසටහන පවත්වා තිබේ.