ආහාර පනත සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ආහාර පරිභෝජන රටාව, ආහාර නිෂ්පාදන ක්ෂේත්රය සහ ආහාර තාක්ෂණවේදයේ වෙනස්කම්වලට අනුකූල වන පරිදි හා කාලානුරූපව ආහාර පනත සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන පරිපාලන ඒකකය සඳහන් කළේය.
දැනට පවතින්නේ 1980 වසරේදී පනවන ලද ආහාර පනත වන අතර එය වර්තමානයට නොගැළපෙන බව ආහාර පාලන පරිපාලන ඒකකය පවසයි.
ආහාර පනත සංශෝධනයට අදාළව ලබන 31 වනදාට පෙර අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන පරිපාලන ඒකකය මහජනතාගෙන් ඉල්ලීමක් කරයි.
අධ්යක්ෂ, ආහාර පාලන පරිපාලන ඒකකය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හත් වන මහල, ටි.බි.ජයාමාවත කොළඹ 10 යන ලිපිනයට හෝ foodcontrol@outlook.com යන විද්‍යුත් තැපෑලට අදාළ යෝජනා යොමුකළ හැකි බව ආහාර පාලන පරිපාලන ඒකකය සඳහන් කළේය.