සංහිඳියාවට බාධා කරන අයුරින් හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීස් ස්ථානාධිපතිවරුන්ට නව චක්‍රලේඛනයක් නිකුත් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කරමින් සිටින බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසයි.කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන් වහන්සේ මේ බව කියා සිටියේ ය.
පසුගිය 4 වන දින පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛනය මෙලෙස නිකුත් කර ඇති බවත් එම චක්‍රලේඛනය මඟින් අත්අඩංගුවට ගත් පසු ඇප ලබා දිය නොහැකි බවත් එසේත් නොමැති නම් දීර්ඝ ලෙස නඩුව පවත්වාගෙන යාමේ හෝ වසර 10 සිර දඩුවමක් ලබා දිය හැකි බව ද නාලක හිමියන් වැඩි දුරටත් පැවසීය.
මේ අතර යම් කිසි අයෙක් එක් වචනයකින් හෝ සිදු කරනු ලබන සුළු වරදකට හෝ මෙලෙස අත්අඩංගුවට ගත හැකි බව ද නාලක හිමියන් කියා සිටියේය.
එමෙන්ම ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබීම තුළින් ද භික්ෂුන් වහන්සේලාගේ ඉදිරිපත් වීම වැළැක් වීමේ උත්සහයක නියැලෙන බව ද උන් වහන්සේ පැවසීය.