ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමක්

0
645

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමක් කැඳවා තිබේ.

අද පස්වරු 4.00 පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වෙන බව සඳහන් වෙයි.

දිවයිනට බලපෑ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේ අරමුණ වී ඇති බව සඳහන් වෙයි.

ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අනිද්දා දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නිමිතව ඇති බව ආණ්ඩු පක්ෂ ආරංචිමාර්ග සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here