කටාර් රාජ්‍යයේ ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් කිසිදු ගැටළුවක් නොමැති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.
අවශ්‍ය වුවහොත් ඕනෑම මොහොතකදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරිය සඳහන් කළාය.
කටාර් රාජ්‍යයේ පවතින තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තලතා අතුකෝරල අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.