දේශපාලනයට එනවාද? කරුණ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ
මහතා දැක්වූ අදහස්
හැබැයි මම එක්ක ඔය කවුරුවත් කතා කරලා නැහැ. දේශපාලනයට සම්බන්ධ නැති අය
නම් කතා කරලා තිබෙනවා. ඒකාබද්ධයෙන් හෝ අනෙක් පාර්ශ්වය මේ ගැන මාත් එක්ක
කතා කර නැහැ. ඒක තමයි ඇත්ත.
දේශපාලනයට එන්න මගේ අදහසක් තවම නැහැ. හැබැයි මම එන්න ඕන අපේ බලාපොරොත්තුව
ඔබ කියලා හමුවන අය මට කියනවා. දැන් ඉන්න දේශපාලනඥයන් දකින විට ජීවිතේට
දේශපාලනය කරන්න හිතෙන්නේ නෑ. හිටපු නායකයා එල්ලලා මරන්න ඕන කියන
දේශපාලනයකට මමත් එන්න ඕනද? එහෙම දේශපාලනයකට මම කවදාවත් එන්නේ නැහැ.